Colombo Today Local News

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඊශ්‍රාලයේ අගනුවර ලෙස පේරුසලම නම් කිරිමට එරෙහිව සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පවත්වන විරෝධතා රැළියක් 2017.12.22 සිකුරාදා පස්වරු 3.30 කොළඹ නව නගර ශලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පලස්තීන සහයෝගිතා සංගමය – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඒකාබද්ධව මෙම විරෝධතා රැළිය සුදානම් කර ඇත. දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කළාකරුවන්ගේ සංගමය හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් ද මෙහිදී ඇමරිකානු තීරණය හෙළා දකිමින් අදහස් පළ කිරීමට නියමිතය.

මෙම විරෝධතා රැළිය පිළිබද විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්යෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.

විරෝධතා රැළියේ දී ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත බාර දීම සදහා ලිපියක් ද දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් අත්සන් කිරීමට නියමිතය.

එම ලිපිය 2018 ජනවාරි 12 දින ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිත බව පලස්තීන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම සාකච්ඡාවට ජනාතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

Related posts

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

ජනපතිට මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් මහා පරිමාණ අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹයි

colombotoday

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday