Colombo Today Local NewsUncategorized

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

පසුගිය 2 වනදා රාත්‍රී දිවයිනට පැමිණි විදේශ ලේකම්වරයා ඊයේ (03) පෙරවරුවේ මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගත් අතර පසුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ත්‍රිකුණාමලයේ සංචාරයෙන් අනතුරුව විදේශ ලේකම්වරයා පිටත්ව ගියේ, යාපනයේ ද සංචාරයක් සඳහායි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍යවරයාට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද හමුවීමට නියමිතය.

Related posts

ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර අද විශේෂ සාකච්ඡාවක්

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

colombotoday

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

නීති විරෝධී රත්‍රන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි

colombotoday