ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා පත් කිරීමට ජනාමාධ්‍ය ඇමති මංගල සමරවීර මහති පියවර ගෙන තිබේ.
2009 – 2017 දක්වා පෑන් ඒෂියා පවර් පී.එල්.සී. සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඔහු ජනසන්නිවේදන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෙකි.
මේ අතර ගුවන්විදුලියේ සභාපති තනතුර දැරූ සුදර්ශන ගුණවර්ධන මහතා ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර ඇත.