Colombo Today Local News

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

හම්බන්තොට වරාය චීන සමාගම් වෙත අද 09 පාර්ලිමේන්තු සංකීරණයේදී භාර දී තිබේ. ඒ අනුව අද සිට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිතය.

වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීන සමාගම් වෙත බදු දීම සිදුකෙරෙන ඒ සදහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක මුදලක් හිමිවෙයි. එම සම්පූර්ණ මුදලෙන් ඇමරිකානු ඩොලර් 294ක් අද දිනයේ ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති අතර එය සම්පූර්ණ මුදලෙන් 30% ක් වේ.

වසර 99කින් පසු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සිදු කල හැකිය. 2116 වසරෙදී ශ‍්‍රී ලංකාව වරාය ආපසු ගන්නේ නම් නොමිලේ ලබා දෙන්නේද නැතහොත් ඒ මොහොතේ වටිනාකම චීනයට ගෙවිය යුතුදැයි පැහැදිලි නැත.

මේ අතර හම්බන්තොට වරායේ උපායමාර්ගික හා ආර්ථික වටිනාකම සලකා බැලීමේදී ඩොලර් බිලියන 1.1 ක් (රුපියල් කෝටි 18,000) යනු ඉතා සොච්චම් මුදලක් බව විචාරකයන් පෙන්වා දෙයි.

මේ වන විට කොළඹ වරාය වසරකට කෝටි 4000ක පමණ ආදායමක් උපදවන අතර, හම්බන්තොට වරායේ වැඩ නිම වූ පසුව එහි මෙහෙයුම් ධාරිතාව කොළඹ වරාය මෙන් 20 ගුණයකි.

 

Related posts

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday