Colombo Today Local News

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

මෙම වසර තුලදී ආර්ථික වර්ධන වේගය 5.5% අපේක්‍ෂා කලත් නියගය හා ගංවතුර නිසා එය 4.5% තෙක් පහත වැටී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අයහපත් දේශගුණික තත්වය නිසා පොල් පලදාව විශාල ලෙස පහත වැටුනු බවත් සහල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වූ බවත් එළවලු නිෂ්පාදනය 30%කින් අඩු වූ බවත් ඔහු සදහන් කලේය.

කෘෂිකර්ම අංශයේ වර්ධනය සෘණ 1.2%ක් බවට පත්ව ඇති බවද අගමැතිවරයා කියා සිටියේය.

මේ හෙතුව නිසා අප්‍රෙල් මාසය තෙක් සහල් හා පොල් ආනයන කිරීමට රජය තීරණය කර ඇති බවද අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් එළවළු ආදිය ගෙන්වීමට උවමනා වුවහොත් එසේ කටයුතු කරන බවත් එහිදී ගොවීන්ට හානි නොවන ලෙස කටයුතු කරන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

Admin

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

colombotoday