මෙරට ආරක්ෂක අංශ පවා භාවිතා නොකරන විදෙස් රටක නිෂ්පාදිත විශේෂිත රිවෝල්වරයක් හා එයට යොදන ජීව උණ්ඩ තුනක් සමග සැකකරුවන් සිව් දෙනකු රක්වාන මාදම්පේ වලව්කඬේ ප්රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු කහවත්ත ඇන්දාන ප්රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.
අත්අඩංගුවට ගත් දෙදෙනකුට විරුද්ධව මේ වනවිටත් ගිනි අවි නිෂ්පාදනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩු පවතින අයවලූන් බවට හදුනා ගත් බවද පොලිසිය පවසයි.