Colombo Today Local News

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත් පසුගිය සතියේ භාවිතාවයට ගැණුන රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල විසිනි.

රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක් ද වාහන ලබා ගැනීමට අට ලක්‍ෂයක මුදලක් ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට හය කෝටියක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත කෘෂිකර්ම අමාතාංශයට ලබා ගත්තද වසරකට වැඩි කාලයක් එය භාවිතයට ගැනීමට කටයුතු නොකර තිබියදීත් ගොඩනැගිල්ලේ සුරක්ෂණ බැඳුම්කර සඳහා වන මුදල්ද වශයෙන් රුපියල් මිලියන 828ක මුදලක් වැයකර ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි මාසයේ අනාවරණය කර තිබිණි.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ භාවිතයට සුදුසු ලෙස සැකසීම සදහා තවත් දෙකෝටියකට අධික මුදලක් වැය කර ඇති බව පසුගිය සමයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

Related posts

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ නමගිය හොරු කාටත් නොදැනෙන්න තවත් ගේමක් දීලා…

colombotoday

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday