Colombo Today Local News

සමගි වෙන්න කතා කරලා වෙන වෙන කොන්දේසි දානවා… මේක නොකෙරෙන වෙදකමක් !

සමගි වෙන්නට කතා කළ ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා මේසයේදී සමගිය ගැන කතා නොකළ බවත් අසාධාරණය කොන්දේසි ඉදිරිපත් කරමින් එකතු ඊමට තිබූ මාර්ග අහුරා දැමීමට කටයුතු කළ බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටිනවා.

පෙරේදා (03) පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදි ආණ්ඩුව තුළ සිටින්නේ ජනතාවට උපරිම යහපත සිදු කිරීමේ පරමාර්ථයෙන් බවයි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හුඟක් අය අහනවා ඇයි සමගි වෙන්නේ නැත්තේ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමගියට සම්පූර්ණයෙන්ම එකගයි. එතුමා මම ඇතුළු තව ඇමතිවරු දෙදෙනෙක්ම් ඒ සමගි සාකච්ඡා වලට ඉදිරිපත් කළා ගිහිල්ලා අපි කතා කළා. අපි කතා කරනකොට සමගියක් ගැන නෙමෙයි කතා කෙරුවේ. ඒ අය මොනවද කියන්නේ ආණ්ඩුවෙන් අස්වෙලා අයවැයට විරුද්ධව ඡන්දය දීලා එන්න ඕනලු කතා කරන්න. ඉතින් මේකේ හරයක් තියනවා ද? මේක හරියට නොකෙරෙන් වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි තව ටිකක් ඕන වගේ දෙයක්. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආරාධනාවකට අනුව සම්මුතිවාදි රජයකට එකතු වුණේ අපේ පාක්ෂිකයෝ ටික ආරක්ෂා කරන්න. එකසත් ජාතික පක්ෂයට පමණක් තමන්ගේ තනි මතයට අනුව රජය ගෙනියන්නට ඉඩ දෙන්නේ නැතුව විවිධ නැත්වලදි ඒවට බ්‍රේක් දාන්න ඒවා වෙනස් කරන්න. ජනතා හිතවාදි ලෙස ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්නට. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට උළුවන් වුණේ අපි රජය ඇතුළේ හිටපු නිසා විතරයි.”

“එක්සත් ජාතික පක්ෂය එක්ක අපි මැතිවරණ ගිවිසුම් ගහලා නෑ. හුඟාක් අය කිව්වා අපි හංසයාගෙන් ඉල්ලයි කියලා. එහෙම ඉල්ලුවේ නෑනේ. අපි වෙනමම අපේ ලාංඡනයෙන් එන්නේ මැතිවරණයට. එක්සත් ජාතික පක්ෂයට එරෙහිවයි අපි තරග කරන්නේ,” අමාත්‍යවරයා පවසා සිටියා.

Related posts

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නෑ. | සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි.

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

“මාමා කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ බෑණා“ නීතිපති පත් කිරීමට එරෙහිව ගම්මන්පිල නඩු දමයි

colombotoday