Colombo Today Local News

මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම් නිසා සිරස FM නාලිකා ප්‍රධානියා තනතුරට පයින් ගසා ගෙදර යයි

සිරස FM නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ ගිහාන් රොද්‍රිගෝ පසුගිය සිකුරාදා දින එම තනතුර හැරගොස් තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් විසින් නාලිකාවට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම්වලට විරෝධය දක්වමින් බවයි සිරස ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

පසුගිය අප්‍රේල් මස කිංග්ස්ලි රත්නායක මහතා සමුහ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන හිටපු ගුවන් සේවිකාවක් වෙන නිද්‍රා වීරසිංහ සමග සිදුවූ මතගැටුමක් හේතුවෙන් සිරස FM ප්‍රධානි තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන් පසුව චාමික රොෂාන් නාලිකා ප්‍රධානි ලෙස පත්වූ අතර වැඩ බැරි නිද්‍රා වීරසිංහට උපදෙස් ලබාදීමේ වගකීම එතෙක් කිලී මහරාජාගේ මඩ පුවත් බාරව සිටි SM මරික්කාර්ට බාර විය.

එජාප ජේෂ්ඨයන්ට විරුද්ධව මඩ ව්‍යාපාරය දැඩි කිරීමට රටේ ප්‍රධාන පුටුවකින් ලැබුණු උපදෙස් මත චාමික රොෂාන්ගේ සේවාව News 1st සදහා අත්‍යවශ්‍ය බවට මරික්කාර් නිර්දේශ කිරීමෙන් අනතුරුව චාමික රොෂාන් ප්‍රවෘති අංශයට මාරු කර යවා ගිහාන් රොද්‍රිගෝ වෙත නාලිකා ප්‍රධානි තනතුර ලබා දෙන ලදි.

ඒ සමගම MBC ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලක්ෂ්මී ජයසිංහ පත්කරන ලදි. ඇය සුළු අලෙවිකරණ නිලධාරිනියක් ලෙස සේවයට එක්වී ඇති අතර ආයතනය තුල ප්‍රචලිත “කිලීගේ දේවාලය වැදීම” කාර්යයේ යෙදීමෙන් අනතුරුව ලක්ෂ්මි ජයසිංහට MBC ප්‍රධාන විධායක නිලධාරී තනතුර හිමිවිය. ලක්ෂ්මී සහ නිද්‍රාට වැඩ බැරි වීමේ හේතුව මත වගකීම කරට ගත්තේ SM මරික්කාර්ය. කෙසේ වෙතත් මෙම කෙටි කාලය තුල අංක 1 ස්ථානයේ සිට අංක 3 දක්වා නාලිකාව පහතට ඇද වැටිනි.

සිරස FM නාලිකා ප්‍රධානි ලෙස ගිහාන් රොද්‍රිගෝ පත්කෙරුනත් ඔහු රූකඩයෙකු බවට පත්කර මරික්කාර් හිතුමතේ තමාට අවශ්‍ය පරිදි වැඩසටහන් වෙනස් කරමින් සහ හිතවතුන්ට මුල්තැන දෙමින් කටයුතු කරන ලදි. මරික්කර්ගේ පසුගිය මැතිවරණ තේමා පාඨය වූ “මගේ හිතෙත් මරික්කාර්” නිර්මාණය කල, සිරස FM අධ්‍යක්ෂ-සංගීත ලෙස කටයුතු කරන නිහාල් වික්‍රම එදිරිසුරිය මරික්කර්ගේ සියලු ගැතිකම් ආයතනය තුල සිදුකරන ලදි.

පරිපාලනයේ පවතින දුර්වලතාවය හේතුවෙන් සිරස FM නාලිකාව තව තවත් පසුපසට ඇද වැටීමට කරුණු විමසමින් කිලි මහරාජා ඇතුළු ඔහුගේ අන්තඃපුරය පවත්වන ලද රැස්වීමකදී ආයතනය දැඩි දේශපාලනීකරණය වීම කඩා වැටීමට හේතුව ලෙස සදහන් කර ඇති ගිහාන් රොද්‍රිගෝ මරික්කාර්ම දමාගෙන වැඩේ කරගන්නා ලෙස පවසමින් සේවය හැරගොස් ඇත.

මරික්කර්ගේ ව්‍යාපාර සහකරුවෙන සජිත් රත්නායක දැන් සිරස FM නාලිකා ප්‍රධානි තනතුරට පත්කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ..

(උපුටා ගැනීම: voiceofceylon)

Related posts

ජනාධිපති පා ගමනින් මුදල් අමාත්‍යංශය වෙත යයි

Admin

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

colombotoday

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday