Colombo Today Local News

පොහොට්ටුවේ බදුලු රැලියට දිනේෂ්, විමල්, ගම්මන්පිල නෑ !

එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා පොදු ජන පෙරමුණ ඊයේ 04 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්වූ රැලියට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂයෙන් කැපී පෙනුණු සිදුවීමක් විය.

පළාත් පාලන මැතිවරණය සදහා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී විමල් වීරවංශ මහතා විසින් ඉල්ලා සිටින ලද අපෙක්ෂකයන් ප්‍රමාණය ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දෙපාර්ශවය අතර ඇතිව තිබෙන මතගැටුම, විමල් වීරවංශ මහතා බදුල්ලේ රැලිය වර්ජනය කිරීමට හේතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහුට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ද බදුල්ලේ රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පැවසේ.

පසුගිය දිනවලදී විමල් වීරවංශ මහතාගේ පක්ෂය තුළ අර්බුධ ගණනාවක් නිර්මාණය වූ අතර, එහි ප්‍රථිපලයක් ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්විය. එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පිල් මාරුවකට සූදානම් බවට මාධ්‍ය වාර්තා පලවී ඇති අතර, ඔහු ඇතුළු පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ මතය වි ඇත්තේ මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්විය යුතු බව යැයිද ආරංචි මාර්ග කියා සිටී.

Related posts

“අර්ජුන් මහෙන්ද්‍රන් පොඩි හොරෙක්.. ලොකුම හොරා කබ්රාල්” – විජයමුණි සොයිසා

colombotoday

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

ගැබ් ගැනීම් වසරකින් පමා කරන්නැයි දොස්තරගේ ඉල්ලීමෙන් ගැබිනි මව්වරු ගබ්සා කරන්න අවසර ඉල්ලයි

colombotoday

අපේ රටේ කිසිදු ආහාර හිගයක් නෑ. මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්.

colombotoday