Colombo Today Local Newsකරණම

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව රජයට හිතවත් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී රජයට එක්වීමට සූදානමින් සිටින බවත්, ඔවුන්ටද රාජ්‍ය ඇමතිධුර සහ නියෝජ්‍ය ඇමතිධුර ලබා දීමට නියමිත බවත් එම වාර්තා පවසයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට තරග කළ යුතුයැයි වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට නොව රටට ජයග්‍රහණ අත්පත් කරදීම ගැන සිතිය යුතු බවත්,රටට ජයග්‍රහණ අත්පත්කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම අවශ්‍ය බවද හෙතෙම කියා සිටී.

ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත විජේසේකර මන්ත්‍රීවරයාද පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය.

Related posts

රාජිත නිදොස්කොට නිදහස්

Admin

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නයි.. වාහන තුනකට හානි

colombotoday