දේශපාලන වශයෙන් කුමන වාද භේද තිබුණද හිටපු ජනාධිපතිවරයාට, හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යෑමට ඉඩ නොදෙන බව නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ හම්බන්තොට සිරිබෝපුර නව උදාගම්මානයකට මුල් ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.