Colombo Today Local News

හිටපු කොටි ලංගමයට බැදී උතුරේ බස් ධාවන අඩාල කරයි.. සිංහල නිලධාරියා ඉවත් කරන තුරු වර්ජණයේ

උතුරු පළාතේ ලංගම ඩිපෝ හතක සේවක වෘත්තීය සමිති මගින් දියත් කර ඇති බස් වර්ජනය නිමාවට පත් කරගැනීම සදහා ඊයේ 29 පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත.

උතුරේ ලංගම වෘත්තීය සමීති නායකයෝ කියා සිටින්නේ සිංහල ජාතික ප්‍රාදේශීය කළමනාකාරවරයා මාරු කරණ තුරු මෙම වර්ජනය අත් නොහරින බවයි.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. චන්ද්‍රසිරි මහතා පැමිණ වෘත්තීය සමිති නායකයින්ට කියා සිටියේ උතුරු පළාතේ ප්‍රාදේශීය කළමනාකරවරයාට එරෙහිව ඇති සියලුම චෝදනාද රැගෙන දෙසැම්බර් මස 4 වැනිදා සභාපතිවරයාත් අමාත්‍යවරයාත් හමුවී සාකච්ඡා කරන ලෙසයි.

එතෙක් මහජනතාවගේ සුබ සිද්ධිය ගැන සලකා 30 වැනිදා සිට සුපුරුදු පරිදි බස් රථ ධාවනය කරණ මෙන් ඉල්ලා සිටියද එය පිළිගැනීමට වෘත්තීය සමිති නායකයෝ එකග නොවූහ.

උතුරු පළාතේ ඩිපෝවල සේවය කරන සිංහල සේවකයින් 30 දා සිට සේවයට වාර්තා කොට බස් රථ ධාවනය කරවීමට කැමැත්ත පල කොට ඇතත් උතුරේ සිටින ලංගම සේවකයින් 875 දෙනෙකු පමණ වන සේවකයින්ගෙන් සිංහල සේවකයින් සිටින්නේ 17 දෙනෙකු පමණි.

මෙම සිංහල සේවකයින් පෙන්වා දෙන්නේ ක්‍රියාත්මක වන්නේ ජාතිවාදයක් මිස වෙනත් කරුණක් නොවන බවයි.

උතුරු ප්‍රාදේශීය කළමනාකරවරයා වශයෙන් සේවය කරණ තැනැත්තා සිංහල ජාතිකයෙකු වීම නිසා එල්.ටී.ටී.ඊ.යේ හිටපු පිරිසක් ලංගම සේවකයින් වශයෙන් පත්වීම් ලබාගෙන පැමිණ ජාතිවාදය ඇවිස්සීම නිසා මෙම ත්ත්ත්වය උදා වී ඇති බවද ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් 30 දා සිට උතුරේ ලංගම බස් රථ ධාවනය කිරීම දින නියමයක් නොමැතිව නතර වීම නිසා ගම්බද ජනතාව හා පාසල් සිසුන් දැඩි අපහසුතාවයකට පත්වීම වලක්වා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.

Related posts

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

colombotoday

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

colombotoday