Colombo Today Local NewsUncategorized

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද (04) දින ආරම්භ කර තිබේ.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන නිල වශයෙන් භාවිත කළේය.

කොවිඩ් -19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණ වෙයි.

ඩිජිටල් අත්සන යනු ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Related posts

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

colombotoday

‘මහානාහිමිවරුන්ගේ නියෝජනය 62 ලක්ෂය ඉක්මවා යන්නක්’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

colombotoday

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday