Colombo Today Local News

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිඳු මූල්‍ය වංචාවකට සම්බන්ධ නොමැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් මතු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් හෝ එවැන්නක් නොමැති බවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කිසිඳු හේතුවක් නොමැති බව පෙන්වා දුන් ඒ ඇමතිවරයා කියා සිටියේ තමන් මේ පිළිබඳව සොයා බැලූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිඳු පෞද්ගලික වාසියක් තකා එම මුදල් අවභාවිත කර නොමැති බවයි.

ඕනෑම ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී ඇස්තමේන්තු ගත මුදලක් වෙන් කරන නමුත් එයට වඩා වැඩි මුදලක් අදාළ ක්‍රියාවලීන් සඳහා වියදම් වන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ සමහර පිරිස් විසින් එවැනි ඇස්තමේන්තුවලින් පෞද්ගලික දෑ වෙනුවෙන් මුදල් වංචා කරන නමුත් මෙම සිද්ධිය තුළ එවැන්නක් සිදුව නොමැති හෙයින් ඇස්තමේන්තුවට වඩා ගිය වියදම පිළිබඳව පරිපාලනමය වශයෙන් ක්‍රියාත්මක විය හැකි බවයි.

අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/amunugamaSL/videos/1130117723791512/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

මළ අප්පච්චිට අපි පණ දුන්නා… ඔහු අගමැතිවුණේ අපි නිසයි – විජයමුණි සොයිසා

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday