Colombo Today Local Newsextremism & terrorism activities

ඇග, මුහුණ වසාගත් නාදුනන පුද්ගලයෝ කොළඹ රිය ධාවනයේ.. නීති අන පනත් කැළේ.. පොලිසිය නිදි !

හදුනා ගැනීමට නොහැකි වන සේ කළු රෙදිවලින් සම්පූර්ණ ශරීරය සහ මුහුණ ආවරණය කරගත් පුද්ගලයන් කොළඹ හා අවට ප්‍රදේශවල මාර්ගයන් හි රිය පදවන බව නීතීඥවරියක් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කරමින් ලිපියක් යොමුකොට තිබේ.

මෝටර් රථ ආඥා පනත අනුව ඕනෑම අවස්ථාවක, ඕනෑම රියදුරෙකු පරික්ෂා කිරීමේ බලය නීතියෙන් හිමිව තිබියදීත්, ගැහැණියක් හෝ පිරිමියෙක්දැයි හදුනාගත නොහැකිවන පරිදි අනන්‍යතාවය සම්පූරණයෙන් ආවරණය කරගනිමින් රිය ධාවනයේ යෙදෙන මෙම පුද්ගලයන් පොලිසිය විසින් කිසිදු අවස්ථාවකදී පරීක්ෂාවට ලක්කර නිසි දඩුවම් නොදෙන්නේ කුමන හේතුවක් මතදැයි ලිපිය මගින් ඇය ප්‍රශ්න කර සිටී.

යම්කිසි ජනතාවක් තමා අදහන ආගම හේතුවෙන් මෙසේ විශේෂ වරප්‍රසාද ලැබීමට හා රටේ පවතින වලංගු නීතිය උල්ලංඝණය කීරීම සහ, පොලිස් දෙපාර්තමේන්තුව මේ සදහා ඉඩහැර නිහඩව බලා සිටීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කිරීමක් නොවන්නේදැයි ඇය විමසා සිටී.

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කිරීම රටේ ආරක්ෂාව හා සුබසිද්ධියට හේතුවන බැවින් ජාති, ආගම් භේදයකින් තොරව සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ලිපිය මගින් ඇය ඉල්ලා තිබේ.

මේ සමග දැක්වෙන්නේ එම ලිපියයි.

Related posts

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

“එකට කෑවත් බෑණාට බැදුම්කර තොරතුරු කීවේ නෑ” – මාමා කොමිසමේ සාක්කි දෙයි

colombotoday