Colombo Today Local News

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

විෂය භාර අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ෂන නිලධාරීන් ලෙස තම හිතවතුන් බදවා ගැනීම සදහා පෙර සළකා බැළුණු සුදුසුකම් සංශෝධනය කර ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

විමර්ශණ නිළධාරීන් ලෙස බදවා ගැනීම සදහා ආර්ථික විද්‍යාව, කළමනාකරණය හෝ අලෙවිකරණය සම්බන්ධයෙන් වන උපාධිධාරියෙක් විය යුතු වුවත්, නව සංශෝධිත සුදුසුකම් අනුව ඕනෑම උපාධියක් හිමි අයෙක් බදවා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව භාෂාව හෝ වෙනත් විෂයක් සදහා උපාධියක් ඇති අයෙකු වුවද අදාළ තනතුරට බදවා ගත හැකි බවත්, මේ තුළින් පාරිභෝගික අධිකාරියේ ගුණාත්මක භාවය පහත වැටෙන බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත්කළ නිවේදනය සහ පාරිභෝගික අධිකාරිය මගින් කළ ඉල්ලීමට අනුව සුදුසුකම් සංශෝධනය කරමින් කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

Related posts

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday