Colombo Today Local News

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල නැවත පොලියත් සමග ගෙවන්නට වන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා චීන රජයෙන් යුවාන්වලින් ලංකාවට ලැබුණු ණය නැවත ගෙවන්නට වන්නේ ඩොලර් වලින් බවත් කීය.

මෙලෙස ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදවලින් ගොඩ එන්නට ප්‍රමාණවත් නැති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිය තවත් අමාරු වනු ඇතැයි ද සඳහන් කළේය .

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin