Colombo Today Local News

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.

ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.

පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.

Related posts

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය දෙනු එපා – නීතිඥ සංගමයෙන් විදේශ ඇමැතිට ලිපියක්

colombotoday

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday