Colombo Today Local News

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

දුම්රිය මැදිරි එකිනෙකට සම්බන්ධ කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂ හේතුවෙන් නව දුම්රිය මැදිරි 120ක් ද ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම දුම්රිය මැදිරි ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද එම්. 11 වර්ගයේ එන්ජින් හතක්ද මේ වන විට ධාවනයෙන් ඉවත් කර ඇත. මෙලෙස ධාවනයෙන් ඉවත් කර ඇත්තේ එම්.11 වර්ගයේ එන්ජින් සමගින් ධාවනය කරවීම සඳහා ඉන්දියාවේ සිට ආනයනය කළ මැදිරි 120 ක් බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පවසයි.

එම මැදිරි එකිනෙකට සම්බන්ධ කිරීමේදී බරපතළ වශයෙන් දෝෂවලට ලක්වීමෙන් එකී මැදිරි සමගින් දුම්රිය ධාවනය නොකිරීමට තම සංගමය හා දුම්රිය නියාමක සංගමය තීරණය කළ බවත් ඒ බව දුම්රිය බලධාරීන් වෙත දැනුම් දුන් බවත් හෙතෙම කියයි.

පසුගිය පාලන සමයේදී රුපියල් මිලියන දහසයදහසක් ඉක්මවූ මුදලක් වැය කරමින් මෙම මැදිරි ගෙන්වා ඇත්තේ මීට පෙරාතුව ඉන්දියාවේ සිට ගෙන්වන ලද එම්.11 පන්තියේ එන්ජින් 10 හා එක්කර ධාවනය කරවීමටය. එම්.11 වර්ගයේ මෙම එන්ජින් මෙරට දුම්රිය මාර්ග වල ධාවනය කළ නොහැකි අධික බරක් සහිත එන්ජින් බවත් ඒ සඳහා එක්කිරීමට ගෙන්වූ මැදිරිද තත්ත්වයෙන් බාල ඒවා බවත් වෘත්තිය සමිති විසින් අවධාරණය කර තිබුණි.

දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඒ මැදිරි සමගින් දුම්රිය ධාවනය නොකරන බව දැනුම් දීම මත එම මැදිරි ධාවනයෙන් ඉවත් කළ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න සදහන් කරයි.

Related posts

“තරුණයෙකුට ඉඩදී ගෞරවයත් බේරාගෙන ඉවත් වන්න” – එජාප බිම් මට්ටමෙන් අගමැතිට අනතුරු ඇගවිම්

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

colombotoday

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

Admin

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday