Colombo Today Local News

“රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා..” ජනපති ඉදිරියේ විමල් කියයි (VIDEO)

මොන මත වෙනස්කම් තිබුණද බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑන්නැයි පොළොන්නරුවේ හැදුණු වැඩුණු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් වීරවංශ මහතාගේ එම ප්‍රකාශයට බාධා කළ අතර, එහිදී ඔහු කියා සිටියේ, “ඔයාගොල්ලන්ගේ ජනාධිපතිතුමාට එහෙම කියනකොට මොකද්ද ඔයගොල්ලන්ට තියන අමාරුව. දැං ජනාධිපතිතුමාට තේරෙනවනෙ එතුම ගැන අපි පොඩි දෙයක් හරි කියනකොට කලබල වෙන්නෙ කවුද කියල. කලබල වෙන්නේ ඇයි කියලා.

රොබරිපාලලා දින සියෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. කුරුදුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවෙ බණ්ඩක්කා හොදයි“

යැයි මන්ත්‍රීවරයා පවසද්දී සභාවේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිනාසෙනු පෙනිනි.

විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පුර්ණ කතාව මෙතනින්

Related posts

නෙළුම් කුළුණ හදන්න දීපු කෝටි 200ක් ආගිය අතක් නෑ – ජනපති කියයි

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday