Colombo Today Local News

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෙනසුරාදා (නොවැ 18) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.

සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර බ්‍රහස්පතින්දා සිට පැවති ආරවුලක්, මතුව ඇති නොසන්සුන් තත්ත්වයට හේතු වී ඇතැයි වාර්තා විය. මීට අදාළව පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ තත්ත්වය පාලනය කර ඇති බවය.

ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200 සහ විශේෂ කාර්ය සාධක බලකයේ සාමාජිකයන් 100 යොදවා ඇති බව ද පොලිසිය පවසයි.

ගැටුම හේතුවෙන් නිවාස හා වෙළදසැල් කිහිපයකට දැඩි අලාභහානි සිදුවී ඇතැයිද වාර්තා වේ.

Related posts

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

colombotoday

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday