බැඳුම්කර මගඩිය ගැන පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදයකදී ඇමති සුජීව සේනසිංහ මහතා හා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ නාමල් රාජපක්ෂ මහතා සුජිව සේනසිංහ මහතාගෙන් ඇසු පැනයක් හේතුකරගෙන වේ.
බැදුම්කර මගඩිය සම්බන්ධ වූ අර්ජුන් ඇලෝසියස් හා 42 වතාවක් සුජීව ඇමතිතුමා දුරකථන සංවාද වල යෙදුනු බවත් ඒවා රටට හෙළි කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා කියා සිටියදී දැඩි ලෙස උරණ වූ සුජීව සේනසිංහ ඇමතිවරයා උද්වේගකරව අදහස් පළකළේය.