Colombo Today Local NewsNew Constitution

රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !

ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඇමරිකානු රජය මෙරට රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක්‌ වී ප්‍රදේශ රැසක වැඩමුළු මෙහෙයවා ඇත.

මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ යූ. එස්‌. ඒඩ්. නමැති ඇමරිකානු අරමුදල් සපයන ආයතනයයි. රහසිගතව ක්‍රියාත්මක වූ මේ ෆෙඩරල් වැඩමුළුවලට තවත් ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන 40 ක්‌ද සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකාව තුළ වාර්ගික අර්බුදයක්‌ පවතින බවත් ඊට විසඳුම ෆෙඩරල් ක්‍රමය බව ශ්‍රී ලංකාවේ ජනතාව අතර ප්‍රචාරය කිරීම මෙම වැඩමුළුවලින් සිදු කර ඇත. මේ බව යූ. එස්‌. ඒඩ්. සංවිධානය හෙළි කර තිබේ.

මේ අතර මෙරට ඇමරිකානු තානාපති අතුල් කේශාප් ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ අවශ්‍ය බව දන්වා ඇත.

එය ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දක්‌වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

චීන තානාපති සහ ධම්මික පෙරේරා අතර හමුවක්

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබා ගන්න එක්සත් ජාතීන් සමග සාකච්ඡා කරනවා !

colombotoday

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday