පවතින තෙල් හිගයට පිළියමක් ලෙස ඉන්ධන රැගත් ඉන්දීය නෞකාවක් අද දිනයේදී (08) මෙරටට පැමිණෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම ඉන්ධන රැගත් තවත් නෞකාවක් 09 දා පැමිණීමට නියමිත බවත හෙතෙම පැවසීය. ඉදිරියේදී ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීමට කටයුතු කරන බවද අග්රාමාත්යවරයා පැවසීය.
ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වූ බාල පෙට්රල් නැවක් ලංකා ඛණිජතෙල් සංස්ථාව විසින් ප්රතික්ෂේප කිරීම නිසා පවතින පෙට්රල් අර්බුධ ඇතිවිය.