රොහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් උපකාර කරන රටවල් අතර ශ්‍රී ලංකාවත් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කරයි.
ඇමෙරිකාව, යුරොපා සංගමය, දකුණු කොරියාව, දකුණු කොරියාව, කැනඩාව, ප්‍රංශය , සෞදි අරාබිය ඇතුළු රටවල් හා සංවිධානය කිහිපයක් රොහින්ග්‍යා සරාණාගතයින් උපකාර කිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අතර ශ්‍රී ලංකාවද සිටියි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය නිකුත් කළ ට්විටර් පණිවිඩයකද මේ බව දැක්වෙයි.