Colombo Today Local News

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් විසින් ප්‍රකාශ කරන්නේ රටේ ජනතාවගේ මතය බවත්, එම මතයට ගරු කළ යුතු බවත්, කිසිම අයුරකින්වත් උන්වහන්සේලා ලබා දෙන අවවාද අනුශාසනා පිළිනොගෙන සිටීමට නොහැකි යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසීය.

ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් දිවුල්ගස්කොටුව ප්‍රථමික විදුහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.

ජාතියක් හැටියට නැඟී සිටීම සඳහා භික්ෂූන් වහන්සේ ලබාදෙන අවවාද අනුශාසනා පිළිපැදිය යුතු බවය. මහ සංඝරත්නය ඉල්ලන්නේ රටේ යහපත බවත් පොදු ජනතාවගේ මතය බවත් ඇය සඳහන් කළාය. ජනාධිපතිවරයාගේ එකම බලාපොරොත්තුව ජනතා පරමාධිපත්‍ය ස්ථාපිත කිරීම බවත් ජනාධිපතිවරයා මහ නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ඇරයුම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිඅරගෙන අවසන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Related posts

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

colombotoday

බෝරා මුස්ලිම් නායකයා රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සමග 21 වනදා ලංකාවට

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

colombotoday