Colombo Today Local News

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය තම පක්ෂයේ මතය නෙවන බවත් එය ජාතියෙන් සමාව අයැද සිටිය යුතු ප්‍රකාශයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා කියයි.

ඔහු මේ ප්‍රකාශ කළේ ඊයේ (25) ගම්පහදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයනායක මහතා ප්‍රකාශ කොට සිටියේ එම අදහස වීරවංශ මහතාගේ පෞද්ගලික මතයක් විය හැකි අතර සාමකාමී රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් තම පක්ෂය කිසිසේත් අනුමත නොකරන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රි වරු 225දෙනාටම ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද කීය.

“ඒක ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අත වැනීමක්. මේකේ බරපතලම තත්වය තමයි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සඳහා යමෙක් තුළ පෙළඹවීමක් ඇති වීම. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ මේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇත්තෙන්ම ඔහු මේ සමබන්ධයෙන් ජාතියෙන් සමාව අයැදි සිටිය යුතුයි“.

Related posts

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin