Colombo Today Local News

සිරසFM ,Y FM, Yes FM, Shakthi FM නාලිකා 4ක් මරික්කාර් යටතට.. පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීන් අතරේ මරික්කාර් පෙරමුණට

මහාරාජා සමුහ ව්‍යාපාරයට අයත් MBC රේඩියෝ නාලිකා 4 ක් පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් යටතට පත්කොට තිබෙනවා. මීට ඉහතදී සමුහ අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කල ශාන්ති බගිධරන් මහත්මිය වෙනත් ආයතනයකට මාරු කර යවා එම තනතුරට SM මරික්කාර් පත් කර ඇති බවයි සිරස ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් මධ්‍යාතනයක මෙවැනි තනතුරකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත් කිරීමේ සදාචාරාත්මක අයිතිය පිලිබදව ගැටළු මතු වී ඇත. එජාප ජේෂ්ඨ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක් සිරස ඇතුළු MBC/MTV වයාපරයන්ට අයත් මධ්‍යතන විසින් සිදුකරන බවට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් චෝදනා කර සිටින වටපිටාවක එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඊට නායකත්වය දීම සිරිකොත පක්ෂ මුලස්ථානයේ විවේචනයටද මේවන විට ලක්ව ඇත.

ජනතා ජන්දයෙන් තේරීපත්ව ජනතා නියෝජිතයකු ලෙසින් තමන් නියෝජනය කරන කොලොන්නාව ප්‍රදේශයට සේවය නොකොට, කුණු කදුවලට යටවී තමාට ජන්දය දුන් මිනිසුන් මියයන වට පිටාවක, පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීවරු අතර ඉහලටම පැමිණෙමින් පෞද්ගලික ආයතනයකට සේවය කිරීමේ සදාචාරාත්මක අයිතිය සහ නීතිමය භාවය “මගේ හිතෙත් මරික්කාර්” තේමා පාඨය යටතේ ජනතාව ගොනාට ඇන්දවූ මරික්කර්ගෙන් පොදු මහ ජනතාව විමසිය යුතු අතරම මෙවැනි අවස්ථාවාදීන් ප්‍රතික්ෂේප කර පාඩමක් ඉගැන්වීම මීළඟ මැතිවරණයේදී කොලොන්නාව ජනතාව තම වගකීමක් කොට සැලකිය යුතුය.

Related posts

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

colombotoday