Colombo Today Local News

උතුරට එක නීතියක්.. දකුණට තව නීතියක් – මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (Video)

හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා ගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල බන්ධනාගාරයට ගියේය.

හම්බන්තොට සිද්ධියට තරුණ මන්ත්‍රී වරුන් වගේම වයසක අම්මලා කිහිප දෙනකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පාසැල් යන දරුවන් තුන් දෙනෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් තිහිප දෙනෙක්ද ඒ අතර සිටිනවා.මේ අත් අඩංගුවට ගැනීම ඉතාමත් අසාධාරණයි. ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ පාලන කාලයේවත් මෙහෙම දේවල් සිදු වුණේ නෑ.සමහරු කියනවා වාරාය උඩින් චීනයෙන් අවසර නැතිව යන්න බෑ කියල .ඒක බොරුවක් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න හදන්නේ උඩු ගුවනත් එක්ක. මේ රටේ උඩු ගුවනත් ඉන්දියාවට අයිති වෙන්න යනවා.අපේ ආණ්ඩුව මේ රටේ මේ සම්පත් හැදුවේ අනාගත පරපුර වෙනුවෙන්. නමුත් මේ ආණ්ඩුව ඒවා විකුණාගෙන කනවා.

අද බලන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. අද උතුරට එක නීතියක්. දකුණට එක නීතියක්. උතුරේ සිවාජිලිංගම්ලාට උසාවි නියෝග කඩල උද්ඝෝෂණය කරන්න පුළුවන්. නමුත් මේ රටේ දකුණේ ජනතාවට ඒ නිදහස නෑ. මේක ඉතාම කනගාටුවට කරුණක“යැයි රාපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Related posts

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

Admin

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin