Colombo Today Local News

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීමත් සමග කැබිනට් රැස්වීම උණුසුම්කාරි වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප‍්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා පෙන්වා දී ඇත.

තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත් අධිවේගි මාර්ගයෙ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇතිමාර්ගය පුළුල් කළ හැකි බවත්, දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ධ වුවද එය සිදු කරන බවත් පවසා තිබේ.පසුගිය මහා මැතිවරණයේදි ශ්‍රීලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.

කිරිඇල්ල ඇමැතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමැතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් පලක් නැතැයි ඔහු පවසා තිබේ.

එසේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව යාම සුදුසු බවද අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තාවේ. දයාසිරි ජයසේකර ඇමැතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යනඅමාත්‍යවරුන් අදහස් දක්වා ඇති බව වාර්තාවේ.

දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වාකොටසේ ඉදිකිරිම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

ලංකාදීප

Related posts

මම තරම් කඩිසර, නිර්මාණශීලී දාර්ශණිකයෙක් තවත් නෑ… ජනතාවගේ වීරයා මමයි – සජිත්

colombotoday

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

colombotoday

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

colombotoday

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

පූජිත අනිවාර්ය නිවාඩු යවයි… වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

colombotoday

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

colombotoday