ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ආසනයේ සංවිධායකට ධූරය අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන ඇමති ෆයිසර් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පත්විය. මේ වන විට මොහු මැද කොළඹ ආසනයේ ශ්‍රීලනිප සම සංවිධායක ලෙස කටයුතු කරයි.
මේ අතර රත්මලාන එජාප ආසන සංවිධායක ධුරයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියත්, මහරගම සංවිධායක ධුරයට ඇමති පාඨලී චම්පිකත් පත් කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.