Colombo Today Local News

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

වසර 5000 ක හෝ 6000 ක කාලය තුළ මෙරට ජීවත් වුණු පරිණත ආදි මානවයින් විසින් නිර්මාණය කරන ලද ලංකාවේ හමු වූ පළමු විශාතම සිතියම සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ලෝකයේ මෙවැනි සිතියම් 18ක් හමුවී ඇති බවත් මේ හමුවී ඇත්තේ 19 වැනි සිතියම බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා ලබන වර්ෂයේ පුරාවිද්‍යා කැනීම් මෙම පරිශ්‍රය ආශ්‍රිතව සිදු කරන බවත් සඳහන් කළා.

බලංගොඩ ඕපනායක පරගහමඩිත්ත, පින්නගල ගමේ බාදාහේන ගල් ගුහාවේ සිදු කළ මූලික කැණීම්වලදී මෙම සිතියම හමු වී තිබෙනවා.

මෙම ගල් ගුහාව අඩි 200 ක් පමණ දිග ප්‍රපාතාකාර බෑවුමක පිහිටි ගල් ලෙනක් වනවා. මෙම ගල් ලෙන මීට අවුරුදු 6000 ක් එපිට කාලයකදී මිනිසුන්ගේ වාසස්ථානයක් බවට පත් වී තිබෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රදේශයේ හඳුනා ගත් ජනාවාස 20 ක් පමණ තිබෙන බවත් එය වර්ග කිලෝමීටර් 25 පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ අතරින් ස්ථාන 4 ක පුරාවිද්‍යා කැණීම් සිදු කර තිබෙනවා. ඒවායේ කාල නිර්ණ ස්ථාපනය කර තිබෙනවා.

මෙම බාදාහේන ගල්ලෙනේ මැද කොටසේ සැලකිය යුතු තරමේ පිහිටි ගලක් ඇති අතර එය අඩි පහහමාරක් පමණ දිග සහ අඩි හතරහමාරකට වඩා පළල ගල් කුට්ටියක් වනවා. මේ ගලේ තිත් සටහන් 500 ක ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඉතාම ආයාසයකින් මෙම සිදුරු කොටා ඇති බව දැකිය හැකියි. ඒවායේ අසම්මත රටාවන් නිරීක්ෂණය කරන්නට පුළුවන්.

මෙම තිත් සටහන් විශ්කම්භය හා ගැඹුර අනුව ඒවායේ යම් යම් වෙනස්කම් කර තිබෙන බව හඳුනාගත හැකියි. මේවායින් අදහස් කරන්නේ කුමක්ද යන්න කියන කාරණේ අප අවබෝධ කර ගත යුතු බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේ. ලෝකයේ මේ වන විට තිත් සටහන් තියෙන ගල් වාර්ථා කිහිපයක් තිබෙනවා. ඒ අනුව ලෝකය පුරා මෙවැනි සිතියම් 18 ක් පමණ සොයාගෙන තිබෙනවා.

ඒවා අධ්‍යනය කළ මානව විද්‍යාඥයින් හා පුරා විද්‍යාඥයින් අදහස් කරන්නේ ඉතාම ඈත කාලයේ ගල් යුගයේ මිනිසුන් තමන් ජීවත් වූ ප්‍රදේශ සහ භූමි දර්ශනය සිතියම් ගත කර ඇති බවයි.

මෙම බාදාහේන ගල් ගුහාවේ තිබෙන තිත් සටහන් ගල් පර්වතය ලංකාවේ වාර්තා වී තිබෙන විශාලතම පළමු තිත් සටහන් සිතියමක් වනවා. මෙම තිත් සටහන්වලින් පෙන්නුම් කරන සිතියම වර්ග කිලෝමීටර් 25 ක ප්‍රදේශයක් බවට විශ්වාස කෙරෙනවා. මෙම සිතියමේ තිත් නොමැති ප්‍රදේශ නොයිදුල්ව තිබූ ඝණ වනාන්තර බවටත් අදහසක් තිබෙනවා.

Related posts

ජනතාවට පටි තද කරගන්න කියා ඇමති රොත්තම අළුත් වාහන ගනී.. කෝටි 118ක ඇස්තමේන්තුවක්

colombotoday

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

මන්නාරම සමුහ මිනීවල නිර්මාණය කර ඇත්තේ පෘතුගීසින් හෝ ලන්දේසීන්

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin