වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පෙරේදා (01) සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතර, නව සභාපතිවරයා සයිටම් හිතවාදියෙකු බවත්, එම පත්කිරීමට තමන් දැඩි විරෝධය දක්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කර ඇත.