Colombo Today Local News

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

මියන්මාරයේ අධ්‍යාත්මික නායක පූජ්‍ය අශින් විරාතු හිමියන් එරටට වැඩම කරන ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට ආරාධනා කර තිබෙන බව බොදු බල සේනා ආරංචි මාර්ග සදහන් කරයි.

ජාත්‍යන්තර අර්බුදයක් වෙමින් පවතින රොහින්ග්‍යා ගැටළුවට සාධනීය විසදුමක් සෙවීම සදහා විවිධ පාර්ශව සමග සාකච්ඡා කර එකතාවකට පැමිණිය යුතු බවට තීරණය වී ඇති අතර, විරතු හිමියන් විසින් ඥාණසාර හිමියන්ට ආරාධනා කර ඇත්තේ ඒ සදහා සහභාගී වීම සදහාය.

සංක්‍රමණික රොහින්ග්‍යා අන්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් රාකීන් ප්‍රාන්තයේ අති විශාල බෞද්ධ ප්‍රජාවක් අවතැන් වී සිටින අතර කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක් ඒ පිළිබදව වාර්තා කර නැත. රොහින්ග්‍ය අන්තවාදීන්ට එරෙහිව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුමත් සමග රොහින්ග්‍යා ජාතිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් මේ වන විට මියන්මාරය අතහැරගොස් සිටින අතර, අසල්වැසි බංග්ලාදේශය හෝ කිසිදු මුස්ලිම් රටක් ඔවුන් භාරගැනීම සූදානම් නැත.

කෙසේ වෙතත් මානුෂීය තත්ත්වය සලකා බලා රොහින්ග්‍යා ගැටළුවට යම් සාධනීය විසදුමක් ලබා දීමට බුරුම බෞද්ධ අධිකාරිය තීරණයකට එළඹ තිබෙන බවද ආරන්චි මාර්ග පවසයි. මියන්මාරය හුදකලා කිරීම සදහා ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවක ලෝක බෞද්ධ ප්‍රජාව මියන්මාරය සමග සිටගනු ඇති බවද විරතු හිමියන් විශ්වාසය පලකර ඇත.

Related posts

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday