Colombo Today Local News

“එකට කෑවත් බෑණාට බැදුම්කර තොරතුරු කීවේ නෑ” – මාමා කොමිසමේ සාක්කි දෙයි

තමන් තමාගේ දියණිය හා බෑණා සමග එකම මේසයක හිඳ සෑම රාත‍්‍රීයකදීම ආහාර ගත්තත් කිසිම දිනෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව සාකච්ඡා කර නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (19) පැවසීය.

ජනාධිපති නීතීඥ රෝමේෂ් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තම දියණිය විවාහ වු පසු තමාට අයත් කොළඹ 07 ‘මල් පාරේ’ නිවස ඇයට දුන් බවත් එම නිවසේ තම දියණිය හා බෑණා සමඟ තමන් පදිංචිව සිටින බවත් පැවසීය.

සෑම දිනෙකම රාත‍්‍රීයේදීම තම දියණිය හා බෑණා සමඟ තමන් රාත‍්‍රී ආහාර ගන්නා බවත් ඒ අවස්ථාවේදී එදින සිදුවු සිද්ධීන් ඇතුළු විවිධ දේ ගැන සාකච්ඡා කළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව කිසිම දිනෙක සාකච්ඡා කර නැති බවත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පැවසීය.

Related posts

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin