Colombo Today Local Newsextremism & terrorism activities

සිංහල ව්‍යාපාර වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – දුකාගෙන් විශේෂ හෙළිදරව්වක්

කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රකට ආයතනයක් වන සීඅයිසී සමාගමේ වර්තමානයේ ඇතිව තිබෙන අමුතු ක්‍රියාවලියක් ගැන එහි උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රකට මාධ්‍යවේදී වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරනු ලැබ තිබේ. ඔහු මෙසේ කියා සිටියේය.

‘අවුරුදු ගාණක ඉඳලා විදේශ වලින් එන එක්තරා පිරිසක් ලංකාවේ බහුතර සිංහල ව්‍යාපාර ඇද වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් වලින් උපදේශකයින් විදිහට එන කණ්ඩායම් මේ වෙනස ඇති කරන්නේ ‘ප්‍රතිව්‍යුහගත කිරීමේ‘ ක්‍රියාවලියක් ලෙස එය අර්ථ දක්වමින්.

නමුත් ඇත්ත වශයෙන් සිදුවන්නේ අන්තවාදී මුස්ලිම් සංවිධාන බලවේග මත ක්‍රියාත්මකවී සිංහල කාර්යක්ෂම පුද්ගලයින් එම ව්‍යාපාර වලින් ඉවතට ඇදදමා ඔවුන්ගේ ජාතියට අයත් පිරිස් ඒ තුළට ගෙන ඒමයි.

සීඅයිසී සමාගමේත් මේ දේ දැන් සිදුවෙමින් පවතිනවා.බොහෝ සිංහල පිරිස් ඉවතට ඇද දමමින් පවතිනවා.වසර 10 ක් තිස්සේ සේවය කළ මටත් පසුගිය සතියේ ඉවත් වෙන්නැයි දන්වා සිටියා.

සේවකයින් ඉවත්කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් නැහැ.මේ විදිහට රැකියා වලින් ඉවත් කරන්නේ සාධාරණ හේතුවලින් තොරවයි.

මේ මුස්ලිම් අය අන්තවාදීන් මිස අපේ ආදරණිය මුස්ලිම් සහෝදරවරු නොවන බව මතක් කළ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් තව ටික දිනකින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එහිදී සියල්ල හෙළි කරනවා.‘

gossiplankanews

Related posts

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin

‘ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි’ සුළු දේශපාලන පක්ෂයකගේ පුර්ණ අනුග‍්‍රහය

colombotoday

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday