Colombo Today Local News

ජගත් ජයසූරිය ගැන ෆොන්සේකාගේ මතය අගමැති රනිල් අනුමත කරයි !!

අගමැතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතා විසින් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශය නිහඬව සිට අනියම් ආකාරයෙන් අනුමත කර ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද(04) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය රජය විසින් යුද්ධය මෙහෙය වීමේදී යොදා ගත් නායකත්වය යම් ආකාරයට කොටු කිරීම සඳහා යොදන ලද උපක්‍රමයක් බවත් එය ඩයස්පෝරාවේ අවශ්‍යතාවය බවත් නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ සඳහා මංගල සමරවීර මහතා හා ඩයස්පෝරාව අතර යම් ගනුදෙනුවක් සිදුව ඇති බවටත් සැක සිතිය හැකි බවත් එනිසා මෙම බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

මේ දිනවල මුළුමහත් දේශපාලන භූමිකාවම උණුසුම් වි ඇති බවත් සරත් ෆොන්සේකා විසින් ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි ලබා දීමට සුදානම් නම් දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එපමණක් නොව ඔහු මේ වන විට දරමින් සිටින අමාත්‍යධූරයෙන් ඉවත් කර යුතු අතර ෆීල්ඩ් මාෂල්ධූරයෙන් ද ඉවත් කළ යුතු බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගෝඨා ගැන ඤාණසාර හිමිගේ තක්සේරුව කියයි (Video)

colombotoday

“ඉන්දු – ලංකා ගිවිසුම ගැහුවොත් පරම්පරා ගාණක් අමාරුවේ.. අපිත් විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

colombotoday

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday