World

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදාබැලීම් ස්ථානයක් අසල අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලතාවයකින් යුතු භූමි කම්පාවක් සිදුවී තිබෙනවා.

පියෝයෑන්ග් පාලනය හයවන න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදු කරන්නට ඇති බවත්, භූමිකම්පාවට හේතුව එය වීමට ඉඩ ඇති බවත් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර ඇත.

චීනයේ භූවිද්‍යා නිරීක්ෂණ ඒකකයද ඊසාන දිග උතුරු කොරියාවේ භූ කම්පනයක් සිදුව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර එය “සැකකටයුතු පිපිරිමක්“ යැයි ඔවුන් හදුන්වා තිබේ.

මේ සමගම ඇමරිකාව හා උතුරු කොරියාව අතර ඇවිලෙමින් පැවති න්‍යෂ්ඨික අර්බුධය තවත් උත්සන්න වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන අතර, අද පෙරවරුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පෙන්ටගනය විශේෂ සාකච්ඡාවක් කැදවා ඇති බවද පැවසේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාද සිය ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්කර ඇති බවත්, න්‍යෂ්ඨික අත්හදාබැලීම් සම්බන්ධයෙන් උතුරු කොරියාවට චෝදනා කර ඇති බවද එම වාර්තා පවසයි.

මේ අතර හයිඩ්‍රජන් බෝම්බයක් ලෙස සැළකෙන බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබිණි.

Related posts

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

‘අල්ලාහු අක්බර්’ කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට ආරක්ෂක අංශ වෙඩි තබයි

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday