Colombo Today Local News

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

යුද්ධයට ගෙනවිත් ගබඩාකර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමින් යුත් අවි තොගයක් බල්ගේරියාවට විකුණා දැමීමට ලංකා ලොජෙස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජි සමාගම ඊයේ (31) ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙසේ විකුණා දැමීමට ගිවිසුම් අත්සන්කර ඇත්තේ විකිණීමට වර්ගකර ඇති යුධ ආයිතම 264න් අයිතම 03ක් පමණක් බවද පැවසේ.

එම ප්‍රමාණය යුද්ධය අවසන්වීමෙන් පසුව විකුණා දැමීමට තීරණය කරනු ලැබූ අවිආයුධ ප්‍රමාණයෙන් 2%ක පමණ ප්‍රමාණයක් බවද පැවසේ.

කෙසේවුවද, මේවන විට විකිණීමට නියමිත සෙසු අවි ආයුධ විකුණා දැමීම නවතා දැමීමට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

ඒ මුලින් ආදාළ අවි ආයුධ යෝජනා කැඳවා විකුණා දැමීමට තීරණය කර තිබුණද පසුව එය ටෙන්ඩර් කැඳවීමක් සිදුකර විකුණා දැමිය යුතු බවට ආරක්ෂක ලේකම්වරයා තීන්දු කිරීම නිසාය.

මේ තත්ත්වය හේතුවෙන් ශාලාව අවි ගබඩාව පුපුරා ගියා වැනි විනාශයක් සිදුවීමටද ඉඩ ඇති බව ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශාලාව අවි ගබඩාවේද ගබඩාකර තිබුණේ විකුණා දැමීමට නියමිතව තිබූ අවි තොගයකි.

කෙසේවුවද, ටෙන්ඩර් කැඳවා අවිආයුධ විකිණීම සිදු නොකරණ කාර්යක් බව පැවසෙන අතර එසේම ටෙන්ඩර් කැඳවා අවිආයුධ විකුණා දැමීමට යාමෙන් ඒ සඳහා විශාල කාලයක් ගතකළ යුතු බවද පැවසේ.

මේවන විට සෙසු අවිආයුධ ද මිලදී ගැනීමට යෝජනා 4ක් ඉදිරිපත්වී ඇති බවත්, එසේ ඉදිරිපත්ව ඇති යෝජනා ඇමරිකානු ඩොලර් මිලියන 30 ඉක්මවූ ඒවා බවද ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ආරක්ෂක ලේකම්වරයා මෙම අවි ආයුධ තොගය විකුණා දැමීම ප්‍රමාදකරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසින් අදාළ අවි සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මත ඒවායේ මිලගණන් තීරණය කිරීමට පත් කළ කමිටුව විසින් ලබාදී ඇති අවම මිල සම්බන්ධ ලයිස්තුවක්ද පිළියෙලකර තිබියදී බව පැවසේ.

කෙසේවුවද, මේ ප්‍රමාද කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරිනී කමනී හෙට්ටිආරච්චි මහත්මියද හවුල්ව ඇතැයි වාර්තා වේ.

Srilankanmirror

Related posts

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

“දේශීයත්වය අමතක කරල, පිටරටවල් පස්සෙ යනවා” – ඉන්දීය මහාචාර්යවරයෙක් අපි ගැන කියන කතාව මෙන්න

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday