Colombo Today Local NewsColombo Today Sports News

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති සිවුවන එක්දින තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 168කින් පරාජයට පත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 05කට ලබා ගත් ලකුණු 375ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 42.4කදී සියල්ලන් දැවී ලකුණු 207ක් පමණි.

මෙය ශ‍්‍රී ලංකා කණ්ඩායමක් මෙරටදී ලද දරුණුම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක්වෙයි.

මේ තරග පරාජයත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණි.

එහෙත් එයද අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතී.

 

Related posts

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

රටේ කිසිම පොල් හිඟයක් නෑ

Admin