සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කිරිමට යන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඉදිරිපත් කිරීමට සැලසුම් කරන විශ්වාසභංග යෝජනාවේ නීතිමය ගැටලු රැසක් තිබෙන නිසා එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය ඉඩ දෙන්නේ නැති බවත්, නීතිමය ගැටලු පවතින බැවින් විශ්වාසභංග යෝජනාව භාර නොගන්නා ලෙස කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද කරන බව ඇමැතිවරයා පැවැසීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.