Colombo Today Local News

පොලිසියේ 1000ක් සීරුවෙන්.. ක‍්‍රිකට් ඉතිහාසයේ මුල් වරට පේ‍්‍රමදාස පිටියේදී අද සිදුවන දේ මෙන්න

මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලංකා – ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

මෙම තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් ඒ අනුව යොදවා ඇතැයි වාර්තා වෙයි .

මීට අමතරව කැරැලි මර්දන කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කර ඇති බවද සදහන්.

ක්‍රීඩාලෝලීන් ප්‍රේක්ෂකාගාරය තුළට පැමිණීමට පෙර ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් ප්‍රේක්ෂකාගාරය තුළට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා ඇති බවත් එම පොලිස් නිලධාරියා කියා සිටියේය.

එසේම ක්‍රිකට් තරගයට බාධා වන අයුරින් තරගය මැද ක්‍රීඩාපිටියට පනින තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් කර ඇත.

දඹුල්ලේ සහ පල්ලේකැලේ පැවැති තරගවලදී ක්‍රීඩාලෝලීන් දැක්වූ කලහකාරී හැසිරීම හේතු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූලස්ථානයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කර ඇත.

Related posts

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin