Colombo Today Local News

ඡන්දෙට වැඩකරපු, සුදුසුකම් නැති පිරිසකට රාජිත සහ බිරිය දුන් පත්වීම් කෝප් කමිටුවෙන් අත්හිටුවයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කිසිම සුදුසුකම් පරීක්ෂාවකින් පවා තොරව දේශපාලන අවශ්‍යතා මත ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ රැකියා සඳහා ලබා දී ඇති පත්වීම් 24ක් අත්හිටුවා එම රැකියා ලාභීන්ගේ සුදුකම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් සභාව විසින් එම සංස්ථාවට නියෝග කර ති‍බේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගනිමින් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අත්සනින් ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථා වෙත නිකුත් කළ ලිපියක් මගින් මෙම සේවකයන් බඳවාගැනීමට උපදෙස් ලබා දී ඇත.

බඳවා ගත් තවත් සේවකයින් 06 දෙනෙකු සේවයට වාර්තා නොකර වැටුප් පමණක් ලබාගෙන ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. එමෙන්ම මෙම පිරිසෙන් 18 දෙනෙකු 2015 නොවැම්බර් 09වන දින බඳවාගෙන ඇති නමුත් ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ 2016 මැයි 18වනදාය.

ඒ අනුව මොවුන්ගේ පත්වීම් සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර පත්වීම් ලබා දී ඇත.

ඒ අනුව මොවුන් බඳවා ගත් ක්‍රමවේදය සහ මොවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමටත් සේවට වාර්තා නොකර වැටුප් ගැනීම හා නීතිවිරෝධී ලෙස ඇමතිවරායාගේ සම්බන්ධීකරණ ලේකම්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා ලැබීමත් අදාළව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කෝප් සභාව විසින් අදාළ පත්වීම් අත්හිටුවා තිබේ.

Related posts

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

එටිසලාට් – හරීන් මෙගාඩීල් එක තව පියවරක් ඉදිරියට.. සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි

colombotoday

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday