මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ දිනයේ සිට අතුරුදන්ව ඇති බව සමාජජාලවල රාවයක් පැතිර යමිත් තිබෙනවා.
මේ පිළිබදව අප කළ සොයා බැලීමකදී දැනගැන්මට ලැබුණේ ඊයේ (25) පස්වරුවේ සුමනරතන හිමියන් ත්‍රීරෝද රථයක නැගී මඩකලපුව කෙවිළියාමඩුව ප්‍රදේශයට ගොස් ඇති බවයි. එහිමියන්ගේ දුරකථනය ක්‍රියාකාරීව පවතිනමුත් ප්‍රතිචාර නොදක්වන බවද පැවසෙනවා.
කෙසේ වෙතත් හිමියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.