Colombo Today Local News

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

LTTE ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක්‌ විසින් මන්නාරමේ පිහිටි LTTE ත්‍රස්තයන්ගේ සුසාන භූමියක් සුද්ධ පවිත්‍ර කිරීමේ සිද්ධියක්‌ පිළිබදව වාර්තා වේ වේ.

මන්නාරමේ අඩම්පන් පොලිසියේ දැඩි විරෝධය නොතකා මෙම ක්‍රීයාව සිදුව ඇති අතර මෙම හිටපු කොටි සමාජිකයන් පොලීසියේ අණ නොතකා හැරීමට තරම් බලවත් බවද සදහන්. කොටි සංවිධානය තහනම් නිසා එම සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමෙන් වළකින ලෙස අඩම්පන් පොලිසිය උපදෙස් දුන්නද එම උපදෙස්‌ ප්‍රතික්‍ෂේප කළ හිටපු කොටි එම සුසාන භූමිය පවිත්‍ර කිරීම තම අයිතියක්‌ බව පවසා සුසාන භුමීයේ පහන් දල්වා මියගිය ත්‍රස්තයන් සැමරීමේ පූජාවක්ද පවත්වා ඇත.

ශ්‍රී මහ බෝධිය අවට ප්‍රදේශයට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කර බැතිමතුන් 200 කට අධික පිරිසක්‌ අමු අමුවේ ඝාතනය කළ වික්‌ටර් නමැති මන්නාරම් කොටි නායකයා මිනිදන් කර ඇත්තේද මෙම සුසාන භූමීයේ වීම විශේෂත්වයකි.

Related posts

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday