අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ලබන 25 වනදා පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බවත්, දකුණු ඉන්දියාවේ කෝවිලක පූජාවක් පැවැත්වීම එම සංචාරයේ අරමුණ බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
අගමැතිවරයාට බරපතල අපල කාලයක් උදාවී ඇති බැවින් ඊට පිළියම් ලෙස දකුණු ඉන්දියාවේ කෝවිලක පූජාවක් පැවැත්වීමට යෝජනා කර ඇත්තේ ඔහුගේ දීර්ඝකාලීන දමිළ ජාතික ව්යාපාරික මිතුරෙකු බවද එම වාර්තාවේ දැක්වෙයි.
අගෝස්තු 25 වනදා ඉන්දියාව බලා පිටත්ව යන රනිල් වික්රමසිංහ මහතා නැවත පැමිණීමට නියම ව ඇත්තේ 27 වනදා ය.