Colombo Today Local Newsextremism & terrorism activities

අපටත් ඇණයක් වූ “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” රුසියාවේ තහනම් කරයි !

රුසියානු රජය “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” නම් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික සංවිධානය එරට තුළ තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානයේ පරිපාලන මූලස්ථානය සහ රුසියාව පුරා පිහිටි ප්‍රදේශීය ශාඛා 395ක් පමණ වහාම වසා දැමීමට එරට අධිකරණ අමාත්‍යාංශය විසින් නියෝග කර තිබෙනවා.

රුධිර පාරවියලනය ප්‍රතික්ෂේප කරන යොහෝවාගේ සාක්ෂිකාරයෝ ආගමික කල්ලිය රුසියාවේ සිවිල් නීතිය උල්ලංඝණය කරමින් හැසිරෙන අන්තවාදී කණ්ඩායමක් යැයි නම් කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුවයි මෙම තහනම පනවා තිබෙන්නේ.

ඒ අනුව යොහෝවාගේ ආගමට බදවාගැනීම, ප්‍රචාරය හා ඇදහීම රුසියාව තුළදී තහනම් වන අතර, මෙම නීති උල්ලංඝණය කළහොත් ඔවුන්ට එරෙහිව සාපරාධී අපරාධ චෝදනා ඉදිරිපත් කළහැකි වනවා. රුසියාවේ ඔතර්ඩොක්ස් නිකායද යෝහෝවාගේ සාක්ෂිකාරයෝ ඇතුළු  මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වලට එරෙහිව පසුගිය සමගේ හඩ නැගුවේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය එරට සාම්ප්‍රධායික ඔතර්ඩොක්ස් ආගමට හානිකර බවට සදහන් කරමින්.

යොහෝවාගේ සාක්ෂීකාරයෝ ආගමික කණ්ඩායම ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වන අතර, මෙරට ගම් දනව් පුරා සැරිසරමින්  බෞද්ධ, හින්දු සහ කතෝලික භක්තිකයන්ද සදාචාර විරෝධී ලෙස අන්‍යාගම්කරණය කිරීමේ ව්‍යාපාරයක නිරතවී සිටී.  රට තුළ ඇතිවූ ඇතැම් ආගමික නොසන්සුන්කාරී තත්තවයන්ටද මෙම කණ්ඩායමේ ක්‍රියාකාරකම් හේතුවී ඇති බවද වාර්තා වී තිබේ.

Related posts

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin