Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

ජපානයේ විශාලතම ගුවන් සමගාම වන ඕල් නිපෝන් එයාර්ලයින්ස් (All Nippon Airlines – ANA) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

වසර කිහිපයක සිට පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෙහෙයුම් කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතියද ලැබුණි.

ඒ අනුව රජය සතුව සමාගමේ කොටස් 51% තබාගෙන යමින් 49%ක කොටස් පෞද්ගලික ආයෝජකයකු වෙත පැවරීමට යෝජනා කෙරිණ. මෙම තත්වය යටතේ ජපාන සමාගම් කිහිපයක් ඇතුළු විදෙස් ආයෝජකයෝ සැලකිය යුතු පිරිසක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වූහ. එම ආයෝජකයන් අතුරින් අවසානයේ මෙලෙස ඕල් නිපෝන් එයාර්ලයින්ස් (All Nippon Airlines – ANA) ආයතනය විසින් ශ්‍රීලංකන් ගුවන්සේවයේ 49%ක කොටස් වෙනුවෙන් ආයෝජනය කිරීමට සලකා බැලිය හැකි මට්ටමේ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Related posts

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday