Colombo Today Local News

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ෆෙඩරල් ක්‍රමය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ බලය බෙදාහැරීම යන කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත්ව තිබිය යුතු බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසින් ප්‍රකාශ කර ඇත.උතුරේ ද්‍රවිඩ මාධ්‍ය ඇමතූ විග්නේෂ්වරන් ඒකීය රාජ්‍යය වෙනුවට එක්‌සත් රට යනුවෙන් භාවිත කරන ලෙස තමා නිර්දේශ කරන බව ද කියා සිටියේය.

නැගෙනහිරට සිංහල ජනතාව යොමුකර ඇති බවත් උතුරු නැගෙනහිර එක්‌සත් නොකළහොත් ඉදිරි වසර විස්‌ස තුළ තමන්ට නැගෙනහිර අහිමි වන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

රජය ලබාදෙන දේශපාලන විසඳුම කුමක්‌දැයි තමා දන්නේ නැති බව පවසා ඇති විග්නේෂ්වරන් එම විසඳුම ගැන තමාට දන්වා නැති බව ද කීවේය.

එහෙත් ෆෙඩරල් ක්‍රමය සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම යන කරුණු රජය පිළිනොගන්නා බව වාර්තා වී ඇති බව ද උතුරු මහ ඇමැතිවරයා සඳහන් කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

colombotoday